rejka jels
ඔබ තිරිසන් ලෝකය දෙස බලන්න, කිසිම සතෙකුට, පක්‍ෂියෙකුට, මාළුවෙකුට මුළු රැය පුරා සුවසේ නිදා ගැනිමක් නැහැ. ඔබ රාත්‍රියේ සුවසේ නිදාගෙන අළුයම අවදිවෙනවා. මෙවැනි නින්දක් ලබා ගැනීමට තිරිසන් ලෝකයේ සත්ත්වයන්ට වාසනාව නැහැ. සුවසේ නිදන්නට මේ සත්ත්වයන්ට නොහැක්කේ කර්ම විපාකයන් නිසා විය යුතුය. කළ කර්මය විය යුත්තේ අනුන්ගේ නිදහස සීමා කිරීමයි. අනුන්ව බිය ගැන්වීමයි. තමාගේ බලයෙන් අනුන්ව මැඬ පවත්වා තැබීමයි.
භික්‍ෂුවට අවශ්‍ය වන්නේ පිංවත් ඔබ, දියුණුව උදෙසා, සැපය උදෙසා, අනෙකාව පීඩාවට පත් කිරීම තුළ ඔබ අයිති කර ගන්නා අකුසල්වල තරම ගැන ඔබගේ අවධානය යොමු කිරීමයි. <
අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ පැවැත්ම, විකාශනය, ඉපැදිම කියන ගලා යෑම, වෙනත් වචනවලින් ප්‍රකාශ වූවත් මෙහි අර්ථය නම් ජාති, ජරා, ව්‍යාධි, මරණමයි. ලෝකයේ ක්‍රියාකාරීත්වය අවිද්‍යාව නම්, ලෝකය දියුණු වනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවමයි.
දුස්සීල භාවය නිසා සකස් වන හේතු ඵල ධර්මයන් වළක්වන්න දෙවියන්ටවත් බැහැ.
නිරෝගී කය ලෝකයාට ප්‍රදර්ශනය කිරීමට නොව, මේ බියකරු සසර ගමනින් එතෙර වීම සඳහාම ප්‍රයෝජනයට ගන්න. නිවීමේ දොරටුවට පිවිසීමට ඔබේ නිරෝගී කය වාහනයක් කරගන්න.
ප්‍රඥාවන්ත පුද්ගලයා උත්සාහ ගන්න ඕනෙ දීර්ඝ කාලයක් විඳින්නට නොවේ. හැකිතාක් ඉක්මනින් මේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිඳීමට නැවත උපතකින් මිඳීමට එය අර්ථවත් කරගන්න බැරිනම් සසර ගමන කෙටිකර ගැනීමට. මේ දෙකෙන් කොයික කරගන්නත් මා තුළ නිත්‍ය වූ නිරෝගී බව ලස්සන හැඩය තිබෙනවාය කියන අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ. 20 මහ රහතුන් වැඩි මග ඔස්සේ - ලිපි මාලාවේ රුවන් වැකි
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක් නොදැනීම අවිද්‍යාව කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්ත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට ලක්වෙමින් කල්ප ගණන් සසර සැරිසරණවා.
අනිත්‍ය වූ දෙයක් කුමක් නිසා ඔබ ඔබේ කරගන්නද ? ඉහත ස්වභාවය අවබෝධයෙන් වඩන්න, දකින්න. එවිට ඔබ රූපය කෙරෙහි අවබෝධයෙන් කලකිරේවි. මේ රූපය ගැන කලකිරීම නිසා රූපය ඔබට අතහැරේවි. ඒ අතහැරීම තුළ ඔබ ලබන්නේ නිදහස් වීමයි. කුමන නිදහස් වීමක්ද ? ලෝකයේ උතුම්ම නිදහස් වීමයි.
අප විඳින්නා වූ මේ සියලු දුක් කන්දරාව කුමක් නිසා හටගත්තේද? රූපය මගේ කරගැනීම නිසාමයි.
සිත යනු දුක් ගොඩකි. එහෙත් එය ඔබගේ පරම මිතුරාය. ඔබට සැනසිලි බස් තෙපලන සුරතලාය. හරි මඟ වසා වැරදි මඟ පෙන්වන වංචාකරුවාය. එසේම ඔබගේ ගැලවුම්කරුවාය. ඒ නිසා අවබෝධයෙන් සිත හඳුනාගන්න. සිත ඔබේ කළණ මිතුරා කර ගන්න. එය කළ හැක්කේ සිත අත හැරීමෙන්ය. සිත අතහැරීමේදී ලෝකය ද ඔබට මඟ හැරෙනු ඇත.
සිත දෙස බලන්න. සිත යනු අනිත්‍යයයි. සුන්දරත්වයයි. අසුන්දර බවයි. සැපයි. දුකයි. කොටින්ම සිත යනු ලෝකයේ නිර්මාණකරුවායි.
ඔබ දක්‍ෂවන්න නිරතුරුවම ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දකින්න. සිත ඔබට අයත් නොවන දෙයක් බව දකින්න. ඔබට ආගන්තුකයෙක් බව දකින්න. සිත ඔබේ දුක් දෙන මිතුරා බව දකින්න. ඔබ මෙසේ දකිද්දී ඔබතුළ වැඩෙන්නේ සතර සතිපට්ඨානයයි.
ඔබ නිවන් අරමුණ කරා යන නිවීමේ මෙහෙයුමේ, යම්
සන්ධිස්ථානයකදී ඔබගේ ඉදිරියට ලොව්තුරා බුදුසමිදුන් වඩිනවා.
එය ස්ථිරයි. නියතයි. එහෙම උන්වහන්සේ වැඩම කරලා ඔබට
නිවන් මාර්ගයේ ඉතිරි දුර සම්පූර්ණ කරන්න කමටහනක්
දෙනවා.
එය දෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ
ඔබට දෙන කමටහන තමයි ඇතිවුණ සිත අනිත්‍යයයි කියලා
දකින්න කියන කමටහන.
බලන්න මොන තරම් වාසනාවන්තද කියලා? ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර දෙදහස් පන්සියයක් ඉක්ම ගියාද? ඔබ දක්‍ෂ නම් ඔබට පුළුවන් උන්වහන්සේව දකින්න. උන්වහන්සේගේ ආරක්‍ෂාව ලබාගන්න. උන්වහන්සේ සැනසුණු ධර්ම මාර්ගයේ සැනසීම ලබාගන්න.
නිවන් මඟ ඔබට තරණය කළ හැක්කේ ඔබ සරළ, පහසු සැහැල්ලු වන තරමටයි. ඔබේ ම කරගෙන ඔසවාගෙන ‘ඔහු’ හො ‘ඇය’ කියන බර පොදිය වුවද ‘බර’ යනු බරක්මයි. ලෝකයේ බරෙන් මිඳීමට පෙරාතුව ඔබ ඔබේ බරෙන් මිදිය යුතුව ඇත.
ඔබේ සහකරු ඔබේ පිහිට සරණ යැයි ඔබේ සිත නිරතුරුවම පැවසුවද නිවන් මඟට ඇය හෝ ඔහු මහා කළුගල් පර්වතයකි. අතිනත අල්ලාගෙන දෙදෙනා ආදර්ශවත් යුවලක් ලෙස කුසල් මාර්ගයේ සතුටින් ගමන් කළද, කවදාහරි දවසක දෑස පියවෙන මොහොතේ එය අතහැරීමට බැරි වුණොත් මහා අවාසනාවක්මයි.
සැප සොයන සියලු සත්ත්වයෝ මේ යන්නේ කිසිදා තෘප්තිමත් නොවන ගමනකයි.
සිත දන්නවා කෙසෙල් මලත්, නෙළුම් මලත් මලක් කියලා ඔප්පු කරන්න. සිතට පුළුවන් අවුරුදු හැට පැන්න ආච්චි කෙනෙක් තරුණියක ලෙස පෙන්වන්න සිතට පුළුවන්. පිරිමියෙක් ගැහැණියක කරලා පෙන්වන්න. මේවාට විශේෂඥ දැනුම සිතට තිබෙනවා.
අවිද්‍යා ටියුෂන් පන්තියේ කල්ප සීයක් කෝටි ගණනක සිට තණ්හාවේ විෂය හදාරපු ඉව, ඇතිවෙමින් නැති වෙන සිත් සමඟ ගලාගෙන යනවා.
ලෝකයේ බරෙන් නිදහස් වීමට ප්‍රථම ඔබ ඔබේ බරෙන් නිදහස් වන්න. ඔබේ බරෙන් ඔබ නිදහස් වූ විට, ඔබ මෙතෙක් දරා සිටියේ ලෝකයේ බරම බව ඔබටම තේරුම් යනවා ඇති.
තමාට අයිති නැති ලෝකයේ බර අවිද්‍යාව නිසා දරාගෙන සිටින
පෘථග්ජන මිනිසාගේ මෝහයේ දිග, පළල අවබෝධ වනුයේ ඔබ
ලෝකයෙන් නිදහස් වූ විටයි. සැබෑ ලෙසට මධ්‍යම ප්‍රතිපදාවේ
හික්මෙමින් නිවන් මග තරණය කළොත් මුළු විශ්වයම සියුම්කොට
ඔබේ දෝතට ගත හැකිය.
එවිට ඔබට මෙහෙම හිතේවි..... ‘මම ලෝකය ජයගත්තා’ කියලා
සක්විති රජ පදවියද සංසාරයේ ලබා ඇති අපි වර්තමානයේදී
අනවබෝධය නිසාම නොවිඳපු රස, සැප සොයමින් තරඟයක යෙදී
සිටිමු. සංසාරයේ ඔබ සක්විති රජ පදවිය ලද එම මොහොතේදී ද
එම සැපයෙන් සෑහීමකට පත් නොවුණි.
ඒ නිසාම තණ්හාවෙන් ගැටෙමින් ඔබ නැවත නැවත සසර
සැප සොයන ගමනට වැටුණී. මේ ඔබ යන්නේ එම මාර්ගයේය.
මේ මාර්ගයට ඔබව දැම්මේ අන් කිසිවෙකු නොව, අවිද්‍යාවෙන්
පිරි ඔබේ සිතමය. කෑදර, ගුණමකු, අවිචාරවත්, පංචකාමය
සොයාගෙන අයාලේ යන ඔබගේ ඇතිවෙමින් නැතිවෙන
සිතමය.
සසර නැවත මවු කුසක්, බිත්තරයක් තුළට නොයන්නට ඔබ දක්‍ෂ වන්න. එසේ නොවුණහොත් යම් දවසක ඔබ ආහාරයට ගත් හාල්මැස්සා මිනිසකුව ඉපිද, ඔබ හාල්මැස්සෙකුව ඉපිද ඔබවද මෙපරිද්දෙන් ආහාරයට ගනු ඇත. පෙර භවයක මේ හාල්මැස්සා මිනිසෙකුව සිටියදී කළ අකුසල ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න.
සෑම නිවන් මඟ වඩන්නෙක්ම තම තමන්ට මෛත්‍රී කරගත යුතුව ඇත. එය කළ හැක්කේ මේ ඝෝර කටුක භයානක මහා සංසාරයේ දුක දැක, තමා සසරින් එතෙර වීමට වෙර වැඩීමෙන්ය. මෙය තමා, තමාට කරගත හැකි උත්තරීතරම මෛත්‍රීය.
සමහරවිට ඔබ මස් මාංශ නොකන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන කඩන හාල්මැස්සා සංසාරයේ ඔබේ මව, පියා, ඥාතියා, දරුවාව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල්මැස්සා සංසාරයේ සක්විති රජුවද, දෙවියෙක්වද, ප්‍රේතයෙක්වද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේ කළ්‍යාණ මිත්‍රයාව සිටින්නට ඇතැයි ඔබ දකින්න. සෑම මනුෂ්‍යයෙකුටම, සෑම සත්ත්වයකුටම මෙය ගලපා බලන්න ඔබ දක්‍ෂ වන්න.
ඔබ සරල වන්න, සැහැල්ලු වන්න, නිදහස්ව සිටින්න, පිරිසිදුව සිටින්න, අනිත්‍ය දකිනවා කියා ඔබ අපිරිසිදුකම ළඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්පේන්තු අනිත්‍යකි. එය මාර බලයකි.
ඔබ එය පරාජය කරන්න. ඔබ මධ්‍යස්ථ වන්න. අසුභය දැකීමට නම් සාපේක්‍ෂව ලස්සන සහ පිරිසිදු බව තිබිය යුතුය. ඒ ලස්සනට නොඇලීමට, ලස්සන ඔබේ කර නොගැටීමට ඔබ ශක්තිමත් විය යුතුය.
ඔබ වැසිකිලිය පිරිසිදු කරන විට, ඔබ පිරිසිදු කරන්නේ වැසිකිලිය බව නොසිතිය යුතුයි. ඔබ සිතිය යුත්තේ ඔබ පිරිසිදු කරන්නේ ඔබගේ සිත බවයි. ඔබ මිදුලේ ඇමදීමේදී මිදුල අමදින බව ඔබ නොසිතිය යුතුයි. ඔබ සිතිය යුත්තේ ඔබ අමදින්නේ ඔබගේ සිතේ ඇති කෙලෙස් කුණු බවයි. නිවන් මඟට පිවිසි ඔබ සිත පිරිසිදු කරගත යුත්තේ මෙසේයි.
රෝගීන්ට උපස්ථාන කිරීමට මැලි නොවන්න. රෝගියෙක් යනු දේවදූතයෙක් බව දකින්න. රෝගියාගේ කයේ ස්වභාවය, ඔහු විඳින වේදනාවේ ස්වභාවය, රෝගයේ ස්වභාවය ඔබටද පොදු බව සිතන්න. ඔබේ ස්වභාවය ද එයම බව දකින්න. ඔහුට උපස්ථාන කර ඔහුගේ ආශීර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න.
ඔබ බසයක යනවා නම් ඔබ හිදගත් අසුන සුදුසු, ඕනෑම කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කිරිමට මැලි නොවන්න. ඔබ කතරගමට යෑමට කොළඹින් බසයකට නැග පානදුරට ලංවෙද්දී, ඔබගේ අසුන සුදුසු අයෙකුට ලබාදීමට අවශ්‍ය වුවහොත් ඔබ එය පරිත්‍යාග කරන්න. තව යෑමට ඇති දුර ගැන නොසිතන්න.
ඔබේ සැප අන් අයගේ යහපත උදෙසා කැපකරන්න. කිසිවකු ඔබට අවඥාවෙන් සිනාසුනද එය නොතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශවාදයෙන් ඔබ ශක්තිමත් වන්න.
පංච උපාදානස්කන්ධය, සප්ත බොජ්ජංග, පටිච්ච සමුප්පාදය, සතර සතිපට්ඨාන ධර්මතාවන් ගිරවුන් මෙන් කට පාඩම් කරන දේවල් නොව ඔබ රූපයේ අනිත්‍ය බව දකිමින් ප්‍රඥාවේ තිව්‍ර වන විට ඔබ තුළ ඔබට වැඩෙන්නේ ඉහත ධර්මතාවන් බව සිතන්න.
ඔබ ලස්සන රුපයක් දුටුවිට එය ඇටසැකිල්ලක් කර දකින්න එම ඇටසැකිල්ල බඩවැල්, නහර, මස් එල්ලාගෙන සිටින ස්වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත්කොට සම්, මස්, නහර විනිවිදගොස් සම නැමැති උරයට පුරවා ඇති ජරා ගොඩ දකින්න.
ලස්සන තිබුණේ සුරූපී ඇය තුළ හෝ ඔහු තුළ නොවේ. තමාගේ අවිද්‍යාවෙන් පිරිණු අනිත්‍ය වන ‘සිත’ තුළ බව සිහිණුවනින් දකින්න.
ලෝක ධාතුවේ හැම දෙයකම අනිත්‍ය ඔබ මනසින් දැක මාරයාව කම්පා කරවන්න. තැති ගන්වන්න. කල්ප ලක්‍ෂ ගණනාවක සිට ඔබව මුලා කරමින්ද, සතර අපායට, මනුෂ්‍ය, දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද, ඔබ කෙරෙහි ආධිපත්‍යය පැතිර වූ මාරයාව ටික ටික රිදවන්න.
මාරයාගේ වගකීම වන්නේ යමෙක් ධර්මාවබෝධය කරා යයිද ඔහුව එම ගමනින් ඉවත් කිරීමයි. යමෙක් ධර්මය අවබෝධ කර ගනියිද ඔහුට එම ධර්මය ලෝකයාට දේශනා කිරීමට අවස්ථාව අහිමි කිරිමයි.
ඔබ දක්‍ෂ විය යුතුයි. සියල්ල අතහැරීමට. හැබැයි ඔබට වඩා දක්‍ෂ මාර්ගය වැඩූ කළ්‍යාණ මිත්‍රයන් ඔබ ආශ්‍රය කළ යුතුයි. ඔබ එය මඟ හරින්න එපා.
ඔබ ශක්තිමත් තැනකට එන තුරාවට නිරතුරුවම ඔබ ඉදිරියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව, සැරියුත් මුගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව ඔබට අවවාද දෙන බව සිතන්න. දකින්න. මීට වඩා ආරක්‍ෂාවක් අවශ්‍ය නෑ ඔබට.
ලෝකය ජය ගැනීමේ ශක්තිය ඔබ සැමගේ ශක්තිය ඔබ සැමගේ ආධ්‍යාත්මය තුළ සැඟවී ඇත. ඔබ කල යුත්තේ එය මතුකර ගැනීම පමණක්මයි. මෙම ජීවිතයේදී ඔබ එය මතුකර ගැනීමට උකටලී වුවහොත් තව කල්ප ගණනාවක් ඔබට දුක් විඳීමට සිදුවනු ඇත.
ඔබ නිවන් මඟ උදෙසා ලෝකයාගෙන් ගතහැකි ශක්තිය ඔබ උපක්‍රමශීලීව නිදහසේ ලබා ගන්න. අනුන්ව ආමිසයෙහි යොදවමින් ඔබ ප්‍රතිපත්ති වඩන්න. ලෝකය මුලාකොට ඔබ ලෝකයෙන් එතෙර වීමට මඟ හදාගන්න.
නිවන් මඟ සොයා යෑම ලොක්යේ ඇති ආත්මාර්තකාමීම ක්‍රියාව බව සිතන්න. සියල්ල අතහැර, සියල්ලක්ම කමටහන් කොටගෙන ඔබ ලෝකයෙන් එතෙර වන්න.
ලෝකය කියන්නේ දුකක්. ලෝකය දුකක් බවට පත් වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වන නිසා අනිත්‍ය වූ ලෝකය නිත්‍යභාවයෙන් ගැනීම නිසා ඔබ දුක් විඳිනවා. මේ මොහොතේ ඔබ නිදිවරාගෙන, දහඩිය මුගුරු දමාගෙන වෙහෙසෙන්නේ, දන් දෙන්නේ, පිංකම් සිදු කරන්නේ, විවිධත්වය සොයන්නේ ඔය දුකෙන් අත්මිදීමටයි. දුක ඔබට අයිති දෙයක් නොවෙයි. දුක අයිති ලෝකයට. ලෝකයට අයිති දුක ඔබ අයිතිකරගෙන.
ඔබ මේ මුළු විශ්ව ධාතුවේම අස්සක් මුල්ලක් නෑරම සෙව්වද පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස්වලින් සැදුණු නිරතුරුවම වෙනස්වන රූපයක් මිසක් වෙනත් දෙයක් නම් හමුවන්නේ නැත.
ලෝකයේ අර්ථය යනු දුකයි. දුක හැර වෙනත් අර්ථයක් ලෝකයේ
නැහැ.
ඇයි ලෝකය දුකක් වන්නේ? තම වසඟයේ පවත්වාගත හැකි
කිසිවක් ලෝකය තුළ නොමැති නිසා.
සද්ධර්මයේ අර්ථයන්ගෙන් ලෝකය බැහැර වෙන්න, බැහැර වෙන්න මාරයාගේ ආධිපත්‍යයයි ලෝකයේ පැතිරෙන්නේ. ඒ සද්ධර්මයෙන් බැහැරවූ අනාගත ලෝකයාට අවශ්‍ය මාර සමාජය තමයි වර්තමානයේ හරි බරි ගැහෙමින් මේ සකස් වන්නේ.
පිංවත් ඔබ සද්ධර්මය තුළින් අනාගතයේ බිහිවෙන මේ විෂම ලෝකය හඳුනා ගන්න. මාරයාගේ විෂම සැලසුම් පරාජයකර ඔබ ලොව්තුරා බුදුරජාණන්ගේ වහන්සේ මහා කරුණා ගුණයේ සෙවනට එන්න.
බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්ත්වයාගේ මෙලොව පරලොව ජීවිතවල යහපත ඉලක්ක කොට පමණක්මයි. මේසා අසිරිමත් රැකවරණයක් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ රැකවරණය දරුවෙක් උදෙසා, බිරිඳක් උදෙසා, ස්වාමිපුරුෂයෙක්, තනතුරක්, දේපලක් උදෙසා මඟ හරිනවා නම් එම අනුවණකමේ විපාකයන් ඔබට අනාගතයේදී අවුරුදු ලක්‍ෂ ගණනාවක් පුරා ගෙවන්ට සිදුවේවි.
පිංවත් ඔබට අයිති නැති දරුවෙක්, බිරිඳක්, ස්වාමිපුරුෂයෙක් උදෙසා ඔබට අයිති සද්ධර්මයේ රැකවරණය අහිමිකර ගන්න එපා. මේ කෙටි මනුෂ්‍ය ජීවිතය, අති දීර්ඝ දුකෙන් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න.
බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක් දසපාරමී ධර්ම පිරුවේ පිංවත් ඔබ උදෙසාමයි.
මාරයා සැඟවී බලා සිටිනවා, ඔබට දරුවාගේ සුරතල් පෙන්වලා,
බිරිඳගේ, සැමියාගේ ආදරය පෙන්වලා මෙවරත් ඔබව බුදුරජාණන්
වහන්සේට ණයකාරයෙක් කරවන්නට.
ඔබට ලැබුණු මේ උතුම් අවස්ථාවේදී එවන් අසිරිමත් ශාස්තෘන්
වහන්සේ නමකට ණයකාරයෙක් නම් වෙන්න එපා.
බැංකුවට ඔබ ණය වුණොත් දේපල රාජසන්තක කරාවි.
බුදුරජාණන් වහන්සේට ඔබ ණයවුණොත් භවයේ සැපයම මාර
සන්තක වෙනවා.
දුකින් බැහැරට මඟ පෙන්වූ ඒ උතුම් ශාස්තෘවරයාණන් වහන්සේට
පිංවත් ඔබ නිරතුරුවම ඔබේ ජිවිතය තුළින් අලෝභ, අද්වේශ,
අමෝහ සුවඳ කුසුම් පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ මල්
සුවඳ නිරතුරුවම වර්ණනා කළා.
එවන් අසිරිමත් ශාස්තෘන්වහන්සේ නමක් වෙනුවෙන් නිරතුරුවම
පිංවත් ඔබ තුළ අලෝහ, අද්වේශ, අමෝහ සිතුවිලි ඇතිකරගෙන
බුදුරජාණන් වහන්සේට පූජා කරන්න.
බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන්, ඥානයන්ට නිරතුරුවම ඔබ මනසින් සමීප වෙන්න. එවිට පිංවත් ඔබ තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අයෝමය විශ්වාසයක් සකස් වේවි.
දරුවා කෙරෙහි ඇති ඡන්ද රාගය වැඩිවෙනකොට, දරුවා වෙනුවෙන් මැරෙන්න, නිරයට යන්න සූදානම් තාත්තලා අම්මලා ඉන්නවා. දුරදිග නොබලා, ඉක්මනට ගන්න තීරණ ඉක්මනින්ම අපව දුකට කැදවාගෙන යනවා.
දරුවා තරම් කාම වස්තුවක් තවත් මේ ලෝකය තුළ නැහැ. සිදුහත් කුමාරයා එදින උපන් හුරුබුහුටි, පිනැති රාහුල කුමාරයාගේ ශරීරයවත් ස්පර්ශ නොකර ගිහි ගෙදරින් නික්ම ගියේ දරුවා කියන කාම වස්තුවේ අනතුරුදායක බව දන්නා නිසාමයි. බැඳුනොත් ගැලවෙන්න බැරි බව දන්නා නිසාමයි. එම නිසා දරුවා කියන කාම වස්තුව අපි බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනෙ. මොකද එය ගින්දරටත් වඩා අනතුරුදායක නිසා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා කෙනෙක් තම
දරුවා වෙනුවෙන් සංසාරයේ හෙළපු කඳුළු මහා සාගරයේ
ජලයටත් වඩා වැඩිය කියලා.
මේ සා කඳුළු සාගරයක් දරුවන් වෙනුවෙන් හෙලලා මේ උතුම්
ජීවිතයේ දී එම කඳුළු සාගරයට තවත් කඳුළු බාල්දි හත අටක්
එකතු කරලා ඔබ මිය ගියොත් එය අවාසනාවක්මයි.
පිංවත් ඔබට පුළුවන්කම තිබෙනවා මේ කඳුළු සාගරය මේ
ජීවිතයේදීම සින්දන්න. එය කළ හැක්කේ දරුවන් කෙරෙහි තව
තවත් ඡන්දරාගය සකස්කර ගැනීමෙන් නොවේ. දරුවා කියන
කාම වස්තුවේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව අවබෝධකර
ගැනීමෙන්.
සිතන්න මවුකුසක ඇති අපුලභාවය, තවත් ගර්භාෂ කුටියට රිංගා නොගන්න බවට ඔබ සපථ වෙන්න. ජීවත්ව සිටින මවුපියන්ට, දරුවන්ට යුකුකම් නොපිරි හෙළා ඉටුකරමින් නැවත මවුකුසක් එපාය කියන දිශාවටම ගමන් කරන්න.
දරුවන්ට මව්පියන් කියන්නේ හොඳ කමටහනක්. දරුවන්ට
පුළුවන් මනසින් අනාගතයට යන්න. තමනුත් අනාගතයේ දී
විවාහ වෙනවා. දරු මුණුපුරන් හදනවා, වයසට යනවා, මේ දුක
මටත් උරුමයි කියලා. දෙමාපියන්ට පුළුවන් අතීතයට මනසින්
යන්න.
අපිත් මේ දරුවන් වයසේ හිටියා. දැන් සියල්ලම අනිත්‍ය වෙලා.
අපේ දුක, අපේ කඳුළු, අපේ ශ්‍රමයෙන්මයි දරුවන් ලොකුමහත්
වුනේ. අපේ ශක්තිය ක්‍ෂය වෙලා යනකොට දරුවෝ ඒ ශක්තියෙන්
ලොකුමහත් වෙනවා.
ඔබට පුළුවන් නම් එහෙම දකින්න. සංසාරයක් පුරාවට ඔබට
අම්මා, තාත්තා වූ සියල්ලටම යුතුකම් ඉටුකළ දරුවෙක් වෙනවා
ඔබ.
දුකට කැමති අය දුක දෙසටම ගියාවේ. දුකට අකමැති ඔබට
පුළුවන් මුළු ලෝකයම එකම දිශාවකට ගියත් ඔබ තනියම
ලෝකයේ සැබෑම සැපය ඇති දිශාවට යන්න.
මේ යන ගමනේදී මුළු ලෝකයෙන්ම ඔබ කොන් වුවත්, ඔබ
බයවෙන්න එපා. කවුරු නැතිවුනත් ඔබ ලඟ ලොව්තුරා
බුදුරජාණන් වහන්සේ සිටිනවාය කියන විශ්වාසය ඇතිකර
ගන්න.
මුළු ලෝකයම අත් හැරලා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගොඩට එන්න. මුළු ලෝකයම ඔබේ කරට අතදාගෙන සිටියත් වැඩක් නැහැ බුදු රජාණන් වහන්සේ ඔබ ලඟ නැත්නම්. ඔබ අනාථයන් අතර තවත් අනාථයෙක් පමණයි. අනාථයින් අතර ඔබ සනාථ පුද්ගලයෙක් වෙන්න.
අපි හැම වෙලාවේම ලෝකයට බයයි. සමාජයට බයයි. අපේ අසරණභාවයට හේතුව බුදුරජාණන් වහන්සේ සරණ නොකර ගන්නා නිසයි. ධර්මයේ ශක්තිය හඳුනා නොගත් නිසයි. මේ සටහන් ලියන භික්‍ෂුව යම් දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සරණකර ගත්තද එදා පටන් ලෝකය කියන දෙය තඹ දොයිතුවකටවත් තැකුවේ නැහැ. ‘බුදුරජාණන් වහන්සේ’ කියන අයෝමය විශ්වාසය හමුවේ ලෝකය කියන්නේ හුදු මායාවක්, රැවටීමක්, අසරණභාවයක් කියන කාරණයමයි දැනුනේ. මේවා හේතු ඵල ධර්මයන් උතුම් ධර්මයේ ආශ්චර්යයෙන් ගොඩනැඟෙන ඵලයක්. මේ සා ශක්තිමත් ධර්ම මාර්ගයක් තිබෙනකොට ඇයි අපි අසරණ වෙන්නේ, අපිට අයිති නැති ලෝකය බදාගන්නේ.
බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ
සත්ත්වයාගේ මෙලොව පරලොව ජිවිතවල යහපත ඉලක්කකොට
පමණක්මයි.
මේ සා අසිරිමත් රැකවරණයක් වූ ලොව්තුරා බුදුරජාණන්
වහන්සේගේ මහා කරුණා ගුණයේ රැකවරණය දරුවෙක් උදෙසා,
බිරිඳක්, ස්වාමිපුරුෂයෙක්, තනතුරක්, දේපලක් උදෙසා මඟ
හරිනවානම් එම අණුවන කමේ විපාකයන් ඔබට අනාගතයේදී
අවුරුදු ලක්‍ෂ ගණනාවක් පුරා ගෙවන්නට සිදුවේවි.
පිංවත් ඔබට අයිති නැති දරුවෙක්, බිරිඳක්, ස්වාමිපුරුෂයෙක් උදෙසා ඔබට අයිති සද්ධර්මයේ රැකවරණය අහිමි කරගන්න එපා. මේ කෙටි මනුෂ්‍ය ජීවිතය, අති දීර්ඝ දුකෙන් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න. බුදු රජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක් දස පාරමී ධර්ම පිරුවේ පිංවත් ඔබ උදෙසාමයි.
පිංවත් ඔබට ඇස්, මස්, ලේ දන් දෙන්න අවශ්‍ය නැහැ. රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ඔබ තුළ සකස්වන ලෝභ, ද්වේශ, මෝහ අකුසලයන් පමණක් ඔබ දන් දෙන්න. එවිට මහා බෝධිසත්වයාණෝ ඔබ වෙනුවෙන් දන් දුන් ඇස්, මස්, රුධිරය වෙනුවෙන් ඔබ කෘතගුණ දක්වූවා වෙනවා.
තව කෙනෙක් පෝසත් වන්නේ, බලවත් වන්නේ, උගත් වන්නේ
ඒ අය පෙර ජීවිතයේ රැස්කරගත් කුසල් සංස්කාර ධර්මයන්
නිසාමයි.
අනුනට ඊර්ෂ්‍යා කරන මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක්
ලැබුවොත් ඔහු අල්පභෝගී සම්පත් ඇති, අල්පේශාක්‍ය, දුර්වර්ණ
ජීවිතයක් ලබන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා
කරනවා.
බලන්න ඊර්ෂ්‍යාව තුළ මොනතරම් අවදානමක් ද සැඟවිලා
තියෙන්නේ. යමෙක් අනුනට ඊර්ෂ්‍යා කරන්නේ නම්, ඔහු
ඊර්ෂ්‍යා කරන්නේ තමාගේම සැපයට බව හොඳින් සිතන්න. ඔබ
අවබෝධයෙන්ම ඊර්ෂ්‍යාවෙන් මිදෙන්න.
ඊර්ෂ්‍යාවත්, මෛත්‍රියත් කියන්නේ එක සිතිවිල්ලක් අතර ඇති පරතරය පමණයි. ඒ තරම් සරල තැනක් ඔබ මඟහරිනවා. මේ එක සිතිවිල්ලක පරතරය ඔබව සුගතියේ සිට දුගතියට ඇද දැමිමට හොඳටෝම ප්‍රමාණවත් වෙනවා.
වර්තමාන අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ඇති තරඟකාරිත්වය නිසා කුඩා වයසේදීම දරුවන් තුළ ඊර්ෂ්‍යාවේ බීජයන් ඇති වෙනවා. පිංවත් ඔබ සද්ධර්මය තුළින් අනාගතයේ බිහිවෙන මේ විෂම ලෝකය හඳුනාගන්න. මාරයාගේ විෂම සැලසුම් පරාජය කර ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ සෙවනට එන්න.
සමාජය තුළ පිංවතුන් විනෝද වෙනකොට, සෙල්ලම් කරන විට භික්‍ෂුවට හරි බයක් දැනෙනවා ඔබලා පිළිබඳව. නොදන්නාකම නිසාම ගින්දරත්, විනෝදයත් සෙල්ලමක් කොට ගනිද්දී පිච්චීමට අදාළ සංස්කාරයන් අනාගත විපාකයන් පිණිස සකස් වෙනවා. ඔබ පරෙස්සමෙන් විනෝද වන්න. තෘෂ්ණාව කියන්නේ ගින්දරක්. අනුන්ගේ විනෝදය, සෙල්ලම ඔබ ගින්දරක් ලෙස දකිමින් ඒ ගිණි නිවෙන දිශාවට යොමුවන්න.
සද්ධර්මයේ අර්ථයන්ගෙන් ලෝකය බැහැර වන තරමට මාරයාගේ
ආධිපත්‍යයයි ලෝකයේ පැතිරෙන්නේ. ඒ සද්ධර්මයෙන් බැහැරවූ
අනාගත ලෝකයට අවශ්‍ය මාර සමාජය තමයි වර්තමානයේ හරි
බරි ගැහෙමින් මේ සකස් වන්නේ.
තව කෙනෙක් පීඩාවට පත් කරලා ඔබ ලබන තාවකාලික
ආශ්වාදය, කල්ප ලක්‍ෂ ගණනක් ඔබව දුකට පත් කරන බව
දකින්න. ආශ්වාදය තුළ ආදීනවයද ඇති බව දකින්න ඔබ දක්‍ෂ
වන්න. ආශ්වාදය කෙටියි. ආදිනවය අති දීර්ඝ විය හැකියි.