rejka jels
පිංවත් ඔබ ධර්මයේ අර්ථයට විවෘත වෙන්න. එවිට එය සමාජයටත් ඔබටත් ආදර්ශයක් වේවි. මනුෂ්‍යාගේ සිතිවිලිවල වේගවත් භාවයයි ලෝකයේ සංකීර්ණ භාවය කියන්නේ. අධිවේගී භාවයට හේතුව, පිංවත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න “මම මැරෙනවාය” කියන කාරණය. මැරිලා නැවත ඉපදෙනවා කියන කාරණය.
මේ ඝෝර කටුක සංසාරයේ සත්ත්වයා දුක සොයාගෙන යන කැඩපතක් දයාබර පිංවත, මේ කැඩපතින් ඔබ ඔබේ මුහුණ බලන්න. ඔබට පෙනෙන්නේ ඔබේ මුහුණ නම් සතුටු වන්න. ඔබට පෙනුණේ “ප්‍රේතයෙකුගේ හෝ ප්‍රේතියකගේ මුහුණක් නම්” ඔබ වහාම අප්‍රමාදි වන්න. කුසලයෙහි යෙදෙන්න
පිංවත් ඔබ, මරණයට වටිනාකමක් ලබාදීම උදෙසාම, මරණින් මතු හේතු ඵල ධර්මයන්ගෙන් සකස්වන තම ජීවිතයට වඩාත් හොඳ වටිනාකමක් ලබාගැනීම පිණිසම මේ සටහන උපයෝගී කරගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇති වූ සිතිවිල්ලක් ඔබේ සිතේ ඇතිකර ගන්න.
මේ භවයේ ඇති බියකරුබව නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තම හිස ගිනි ගත්තෙක් ඒ ගින්න නිවන්න වෙහෙසෙන්නේ යම් සේද, මේ භව ගින්න නිවා දැමීමට එවැනි වෙහෙසක් ගන්න කියලා.
තෙරුවන් කෙරෙහිම, සීලය, දානය කෙරෙහිම විශ්වාසය තබන්න. ඔබව සැබෑම සැපයට ඔසවා තබන රැකියාව, ව්‍යාපාරය, ගොවිතැන, දේශපාලනය වන්නේ කුසල් දහම් බවම දකින්න.
සශ්‍රීක, සෞභාග්‍යමත්, නිරෝගී මිනිසෙකු, දෙවියෙකු ලබන කායික මානසික සැපය අනිත්‍ය වුවද එම සැපය සිල් පදයක් තුළ සැගවී තිබූ දෙයක්, සිහි කරමින් ශීලයෙන් පරිපූර්ණ වන්න. දුශ්සීලභාවය තුළ සැඟවුණ දුගතියේ අඳුරු දුක විනිවිද ශීලයේ ආලෝකය ලබන්න පිංවත් ඔබ දක්‍ෂ වන්න
අම්මා, තාත්තා, බිරිඳ, දරුවා, ඥාතියා ඔබට පාර කියන්නේ භවයටමයි. භවයට පාර කියන එම ඥාතීන් ඔබෙන් දුරස් නොකොට භව නිරෝධය දෙසට පාර පෙන්වන මේ උතුම් ධර්ම මාර්ගය ඔබ ඔබේ පරම ඥාතියා කරගත්තොත් ඔබත්, ඔබේ ඥාතියනුත් මෙලොව ලබන පරම සැනසීම එයම වනු ඇත.
සත්ත්වයා අප්‍රමාණ දුක් විඳින සතර අපායක් අභිබවා, මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ඔබ ලැබුවේ පෙර ජීවිතයේ කරන ලද ව්‍යාපාර, ගොවිතැන්, රැකීරක්‍ෂා නිසා නොවේ. පෙර ජීවිතයේ සිදුකරගත් කුසල් සංස්කාරයන් නිසාමයි. එහෙයින් එවැනි මහඟු අවස්ථාවක් සලසාදීම පිළිබඳ පිංවත් ඔබ කෘතගුණ සැලකිය යුත්තේ ධර්මයන්ටමයි.
ලොව්තුරා, බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සතර අපායෙන් මිදීමේ මේ උතුම් මාර්ගය පිංවත් ගිහි පිංවතුන්ලා උදෙසාමයි දේශනා කරලා තිබෙන්නේ. මෙවැනි ගැඹුරු ලෝකාවබෝධයක් ලබන සරල ධර්ම මාර්ගයක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරු නම් දේශනා කරන්න ද?
පිංවත් ඔබ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, දේවානුස්තියෙන් පරිපුර්ණ නම් ඔබ මැරෙන මොහොත දෙවියන් දන්නවා, දෙවියන් ඔබට පාවඩ එළනවා දිව්‍ය තලයකට. බලන්න මොන තරම් ආශ්චර්යමත් ධර්ම මාර්ගයක් ද ?
ලෝකය නිවැරදි කරන්න අපට බැහැ. ඒ නිසා ලෝකය කමටහනක් කරගෙන පිංවත් ඔබ නිවැරදි වෙන්න. ලෝකය නිවැරදි වෙන්න, ලෝකය නිවැරදි කරන්න බැරි බව ණුවනින් හඳුනා ගන්න.
නෙතු අඟින් කඳුලක් රූටා වැටෙද්දී ඒ කඳුල හරි උණුසුම්, කඳුල උණුසුම් කරන්නේ තෘෂ්ණාව විසින් සිත වේගවත් වන තරමට, කඳුල උණුසුම් වෙනවා. කෙනෙකුගේ ඇසෙන් කඳුලක් රූටා වැටෙද්දී, ඔහු විඳින දුක හෝ සැපයක් පිළිබඳව හෝඩුවාවක් බාහිරට පෙනෙනවා.
අම්මාගේ කඳුලක මහා වටිනාකමක් තිබෙනවා. අම්මාගෙන් බිව් කිරි උගුරක යම් සේ මනුෂ්‍යත්වයක් කැටිව, තිබුණ ද, අම්මාගේ කඳුලත් මනුෂ්‍යත්වයෙන්මයි ඉපදිලා තියෙන්නේ. අම්මා කෙනෙක් හඬනවා කියන්නේ මනුෂ්‍යත්වය හඬනවා කියන කාරණයයි
දුකක් හෝ සැපක් වුවත්, කඳුලු නොහෙළා සිටීමට අම්මා කෙනෙකුට පුළුවන්. අම්මාට ඒ තරම් දරාගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ නිසා අම්මා තේරුම් ගැනීම අපහසුයි. ඒ තේරුම් ගැනීම අපහසු වෙන තරමට, අපි අතින් අකුසල් සිදුවෙන්නට පුලුවන්.
අම්මාගේ දෙනෙතින් ගලන්නේ කඳුලු නොව ආදරයයි. ලෝකය ශක්තිමත් කරන, ලෝකයේ යථාර්තය වසා දමන ආදරයයි. නිමාවක් නොවන භව ගමනේ, මඟ වියදම අම්මාගේ ආදරයයි.
අම්මා, තාත්තා කියන්නේ කුසල් ඉල්ලමක්. ඒ ඉල්ලම ගරන්න ගරන්න පින සහ කුසලයමයි සකස් වන්නේ. මව්පිය උපස්ථානය තුළ මේ ලෝක ධාතුවේ ඉහළම ලෞකික සැපය වන ශ්‍රක්‍රයා වීමේ අවස්ථාව සැඟව තිබෙන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තරමටම මව්පිය උපස්ථාන කුසලය ශ්‍රේෂ්ඨයි කියලා.
අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කියන්නේ ඉල්ලමක් ඔබගේ සැපයට අවශ්‍ය කළමනා ලබාදෙන ඉල්ලමක්. ඔබ දක්‍ෂ වෙන්න ඒ ඉල්ලම සුවසේ ගරමින් භවයේ සැපයට අවශ්‍ය කළමනා එකතු කර ගන්න. වැඩි කාලයක් ඒ ඉල්ලම පවතින්නේ නැහැ. එය මැරිලා යනවා.
මවගෙන් බීපු කිරිවෙනුවෙන් ඔබ මවට පෙරළා කෘතවේදී නොවුණ හොත් අනිවාර්්‍යයෙන්ම කිරි වෙනුවට ගින්දර බොන්න වෙනවා. අම්මා කෙනෙකුගේ රුධිරය කිරි බවට පත් වුණේ කරුණාව නිසාමයි.
එවන් ‘කරුණාවක්’ ඔබ මහලු මඩමකට ගාල් කරනවා නම්, නොසලකා හරිනවා නම්, සේවිකාවක් හැටියට දකිනවා නම්, අම්ම තාත්තා පිච්චෙන වේදනාවේ දුක්ගිනිවලින් ඔබත් කවදාහරි දවසක පිච්වෙනවාමයි.
මනුෂ්‍යයෙකුට හිංසා කිරීමෙන් තිරිසන් සතෙකුට හිංසා කිරීමට වඩා බලවත් අකුසලයක් සිද්ධ වෙනවා. මොකද ඔබ හිංසාවට ලක් කරන්නේ සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවා ගැනීමට ශක්තිය තිබූ පෙර පිනැති මනුෂ්‍යයෙකුට වීමයි.
පිංවත් ඔබ ශීලයට ගරු නොකරන සිතක්, ප්‍රාණ ඝාතයට, සත්ත්ව හිංසනයට, අනුබල දෙන සිතක් සකස් වෙනකොටම දකින්න සිතක් කියන්නේ දුකක්ය කියලා. දුකක් කියන්නේ සිතක්ය කියලා. එවිට එම සිත අනිත්‍ය වෙලා යාවි
මල් ගස්වල තිබිලා වැඩක් නැහැ. ඒ මල් නෙළලා බුදු සමිඳුන්ට පූජා කරන්න. මල් පූජා කළාය කියලා එහි සැබෑ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. ඒ මල් පරවෙන බව සිතලා, දැකලා ඒ අනිත්‍ය බව ඔබේ ජීවිතයටත් ගලපා ගන්න.
අති සුන්දර වුවද අතිකටුක වුවද විවිධත්වයෙන් ගහන තිරිසන් ලෝකය දෙස බලන්න. දිය ගොඩ දෙකෙහිම ජිවත්වෙන එම තිරිසන් ලෝකය යනු පෙර ජීවිතයේ දී සිල් පද බිඳගත්තවුන්ගේ ලෝකයයි.
පිංවත් ඔබ අතින් සත්ත්ව ඝාතනයක් සත්ත්ව සිංසාවක් සිදුවේ යැයි අනුමාන කරනවා නම් ඒ ස්ථානය, අවස්ථාව මඟහැර යන්න සතා මඳුරුවෙක් වුවත් කමක් නැත. මඳුරුවාට පහර දීමෙන් ඔබ ලබන තාවකාලික ආශ්වාදයේ දීර්ඝ කාලීන කටුක ආදීනවයන් තිබෙන බව දකින්න.
ඔබට පීඩා කරන ලොකු කුඩා කුමන වගයේ සතෙක් හමුවුවද එම සතා මාරයා බව දැනගන්න.
කිසිවෙකු සිදු කරන කුරිරු සත්ත්ව ඝතනයක් නිසා රැස් කරගන්නා අකුසලය ඔවුනට ඊලඟ උපත සලසා දෙන්නේ නිරයේ අප්‍රමාණ දුක් දෙන තැනක සතියක දෙකක කාලයකට නොවේ. කල්ප ගණනාවකට.
යම් සත්ත්ව ඝාතනයක් සිද්ධ කරපු අසරණ මනුෂ්‍යයෙකුට මැරෙන මොහොතේ තමන්ගේ ලෙයින් උපන් දරුවා අමතක වෙන්න පුළුවන්. ඒත් මේ කුරිරු සත්ත්ව ඝාතනය නම් මාරයා විසින් ඔහුට මතක් කර දෙනවාමයි. ඒ තරමටම අකුසල චේතනා බලවත්.
ඔබට නැවතත් මතක් කරනවා, ලෝකය පවතින්නේ ඔබට නිරතුරුවම අකුසලය දෙසට යොමු කරවන ස්වභාවයක. ඔබේ දක්‍ෂභාවය නිසාම පමණක්මයි කුසලය දෙසට ගමන් කළ හැකි වන්නේ.
අංගවිකල අංශභාග රෝගීන් දකින කොට සද්ධර්මය කෙරෙහිමයි ගෞරව ඇතිවෙන්නේ. මොනතරම් පැහැදිලිව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝක ස්වභාවය දේශනා කර තිබෙනවා ද ? ඔබ සත්ත්වයින්ට සංසාරයේදී දුක් දුන්නා ඒ හිංසාවමයි ඔබ ඔය අත් විඳින්නේ.
පෙර ජීවිතයේ යමෙක් සත්ත්ව හිංසා අකුසල සිදුකලා නම් ඔහු මරණින් මතු නිරයේ දුකට වැටෙනවා. යම් හෙයකින් ඔහු මනුෂ්‍යයෙකු ලෙස උපතක් ලැබුවා නම් ඔහු රෝගීභාව ඇතිව උපත ලබනවා.
ඒ වගේම පෙර ජීවිතයේදී සත්ත්වයාට මෛත්‍රිය, කරුණාව දැක්වූ අයකු මරණින් මතු මනුෂ්‍ය ජීවිතයක් ලැබුවහොත් ඔහුට බොහෝ නිරෝගී ජීවිතයක් ලැබෙනවා.
පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව අතිකරගන්න. කුමක් නිසාද ? මේ වියරු ලෝක ස්වභාවයන් පරාජය කරන්න මාර්ගය ඔබට උදාකර දුන්නාට.